Latest News

මාර්ග ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ අවධාරණය

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (31) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාව හිදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් නව සාමාජිකයන් වෙනුවෙන් පත්වීම් ප්‍රධාන කිරීමේ උත්සවයක් පැවැත්විය.
මෙම අවස්ථාවට එක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W P J සේනාධීර මහතා මාර්ග ආරක්ෂාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
ඔහු පවසන්නේ, “මානව හිමිකම් පිළිබඳ දවසින් අලුත් ක්ෂේත්‍රයන් තුළ කතා කිරීමට අරම්භ වී ඇති අතර, මාර්ග ආරක්ෂාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ලංකාවේ දවසකට රිය අනතුරු 70–80 අතර වාර්තා වන අතර එයින් 7–8 දෙනෙකු මිය යාමට පත්ව, 25ක් පමණට බරපතළ තුවාල සිදුවේ. මේ අතර පදිකයන්ට මිය යාම හා තුවාල ලබන අත්‍යවශ්‍ය කරුණු අවම දැක්වෙයි. පසුගිය වසරේදී 31% පදිකයෝ මිය යාමට ලක්වූ බවද සලකා බලන්නා යුතුය.”
ඔහු තවත් පැවසීය, “අසිහියෙන් පාර හරහා යන මිනිසුන්, නිසි ආරක්ෂාකරණයක් නොමැති රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරු ගැන මනාව අවධානය යොමු කළ යුතුය. වර්ෂයකට රිය අනතුරු 2,800ක් වාර්තා වුවත් ඒ අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සැලැස්මක් නොතිබීම දැඩි කාරණයකි. වර්තමාන පොලිස්පතිතුමා තුන් අවුරුදු සැලැස්මක් සකසා 20% කින් අනතුරු අඩු කිරීමට ක්‍රියාත්මක කර ඇත. මෙය සඳහා, හෙල්මට්, කුනුහරප, වැඩි ධාරිතාව සහිත වාහන භාවිතය පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සඳහන් කළා.”
ඔහු අවධාරණය කළේ, “මතක තබාගන්න, පාරේ හරියට නොයන වාහන මගින් සිදු වන අනතුරු පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි. තරුණයින් 18 හැවිරිදි වයසක් පසුකර නියමිත නීති පිළිපදින්නේ නම් එය සුදුසුය; එසේ නොවන්නේ නම් නියමිත පරිදි නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.”
මෙම අවස්ථාව මගින් මාර්ග ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳව ජනතාව අතර දැනුවත් කිරීමේ වැදගත්කම සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අවධාරණය කෙරුණි.

World News

Send your contact Details Today