ජාතික පොලිස් කොමිෂන් සභාව හි අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුටද ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ලබාදී ඇති බව වාර්තා වේ.
සේවා අවශ්‍යතා මත මෙම පත්වීම් සහ ස්ථානමාරුවීම් සිදුකර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.