පවතින වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශය හි ජල මට්ටම ඊයේ (30) උදෑසන 6 වනවිට 21.8%ක් දක්වා පහළ වැටී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
සමස්ත ජලාශයේ ජල ප්රමාණය ඝණ මීටර් මිලියන 37.276ක් පමණක් බවද ඔහු පෙන්වා දී ඇත.
ජලාශයේ පවතින ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ජල පාලක ලේකම් කාර්යාලය මගින් බවද සඳහන් වේ.
මේ අතර, වියළි කාලගුණය හේතුවෙන් ඉහළින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශය හි ජල මට්ටමද පහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.