Latest News

හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඇමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇත.
මාර්කෝ රූබියෝ මහතා සඳහන් කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හොඳින් හෝ නරකින් විවෘත කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අල් ජසීරා පුවත් නාලිකාව සමඟ සංවාදයකදීය.
මේ වනවිට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, ඇමෙරිකා සහ ඊශ්‍රායල හිතවාදී නෞකා සඳහා එය භාවිත කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත්, චීනය, ඉන්දියාව සහ පාකිස්තානය වැනි රටවල භාණ්ඩ හා තෙල් ප්‍රවාහන නෞකා සඳහා සමුද්‍ර සන්ධිය පසු කිරීමට අවසර ලබාදී ඇති බවද එම බලකාය සඳහන් කර ඇත.
මෙම තත්ත්වය ලෝක බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් ඇති කිරීමට හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today