අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අද (31) සිට විවෘත කරන බව ප්‍රකාශ කරයි.
එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, අද දිනයෙන් පසු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුත්තේ එම මධ්‍යගත පද්ධතිය හරහා පමණක් බවයි.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව මෙම පද්ධතිය ක්‍රියාත්මක කරන බවත්, එහි නිල ආරම්භය අද පෙරවරු 10ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය හිදී සිදුකිරීමට නියමිත බවයි.
මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ අදාළ කාණ්ඩවලට අයත් සියලු නිලධාරීන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ එම පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බවද දන්වා ඇත.