Latest News

Paralympics Games Paris 2024 : පැරිස් නුවර වර්ණවත් කළ දර්ශනීය සමාරම්භක උත්සවය (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේජාන්විත ආකරයෙන් ප්ලේස් ඩි ලා කොන්කෝඩ් වෙත පැමිණ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම, පැරාලිම්පික් සමාරම්භක උත්සවය ද ප්‍රංශ අගනුවර ක්‍රීඩාංගනයකින් පිටත පවත්වා ඇත්තේ ප්‍රථම වරටයි.

65,000 ක පිරිසක් මෙම සමාරම්භක උත්සවය නැරඹීමට පැමිණෙනු ඇතැයි සංවිධායකයින් ඇස්තමේන්තු කර සිටි අතර එය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹිය හැකි වුණා.

දින 11 ක් පුරා මෙම පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා.

පැරා ඔලිම්පික් ක්‍රීඩා 22ක් සඳහා වාර්තාගත කණ්ඩායම් 168කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400 ක් පමණ සහභාගි වීමට නියමිත අතර ඔවුන් සමස්ත රන් පදක්කම් 549 ක් සඳහා එහිදී තරග වැදීමට නියමිතයි.

World News

Send your contact Details Today