Latest News

රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීම සඳහා රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර ඔහු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.
මේ අතර පසුගියදා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සැපයීමට රුසියාව කැමැත්ත පළ කර තිබුණි.
කෙසේවෙතත්, රුසියාවෙන් තෙල් ආනයනය කිරීම වැළැක්වීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.
ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති පන්දම් විරෝධයකට එක්වෙමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ, රුසියාවෙන් කඩිනමින් තෙල් ආනයනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි

World News

Send your contact Details Today