Latest News

පැය 24ක සංකේත වර්ජනයක් අද සිට – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැලසුම් කළ පරිදි අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අසාධාරණ ස්ථාන මාරුවීම්වලට එරෙහිව මෙම වර්ජනය දියත් කිරීමට ඊයේ තීරණය කර තිබේ.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ, දේශපාලනික අරමුණක් සහිතව මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය පිළිබඳ වහාම සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

World News

Send your contact Details Today