විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි, 2026 වසරේ පැවැත්වීමට නියමිත සියලු අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් විභාග දෙපාර්තමේන්තුවෙන් නොගත් බව දැඩිව අවධාරණය කළා.
සිසුන් අතර විභාග කල් යා හැකි බවට ඇති අදහස් සත්‍ය නොවන අතර, සිසුන් දැනටමත් නිවේදනය කරන ලද දිනවල විභාග සඳහා සූදානම් විය යුතු බවත් ඇය පැවසුවා.
තවද, 2026 අ.පො.ස. උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයෙන් අප්‍රේල් 24 දින දක්වා සිදු වන අතර, අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic වෙත පිවිස උපදෙස් අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම පාසලේ විදුහල්පති මඟින්, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතුය.