Latest News

අප්‍රේල් 1 සිට විදුලි ගාස්තු වැඩිවෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන ඇත. ඒ අනුව, මෙම ගාස්තු සංශෝධනය අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා ඇති 13.56%ක සංශෝධනය යටතේ ඒකක 0–30 සඳහා ගාස්තුව 4.3%කින්, 31–60 සඳහා 6.9%කින්, 61–91 සඳහා 6.9%කින්, 91–180 සඳහා 7.1%කින් ඉහළ ගොස් තිබේ. 180 කට වැඩි ඒකක සඳහා විදුලි ගාස්තු 25%කින් වැඩි කර ඇති අතර, ආගමික හා පුණ්‍ය ආයතන සඳහා ඒකක 180ට අඩු පරිභෝජනයක් සඳහා ගාස්තු වැඩි නොකිරීමට පියවර ගන්නා ලදී.
පොදු පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 8%කින්, කර්මාන්ත අංශ සඳහා 8.7% දක්වා, රාජ්‍ය ආයතන සඳහා 14.1%කින් වැඩි කර තිබේ. මෙම සංශෝධනයෙන් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට අමතර බරක් පැවරෙනු ඇත.

World News

Send your contact Details Today