Latest News

බතික් එයාර් මංගල ගුවන් ගමන් සේවය කටුනායකට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බතික් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
එම ගුවන් යානය මගීන් 62 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සමඟින් පැමිණ ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ගුවන් සේවා සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස සැලකේ.
ඉන් අනතුරුව එම ගුවන් යානය අද අලුයම 02.05ට මගීන් 160 දෙනෙකු සමඟ යළි ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.
බතික් එයාර් ගුවන් සේවය සතියකට දින 04 ක් ශ්‍රී ලංකාව සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර නියමිත පරිදි ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

World News

Send your contact Details Today