Latest News

නීති නිලධාරීන් ලෙස පොලීසියට බඳවාගැනීමේ කාලය දීර්ඝ කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරි (නීති නිලධාරීන්) තනතුර සඳහා නීතිඥවරුන් බඳවාගැනීමේ කාලසීමාව ලබන මස 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
මෙම කාලය දීර්ඝ කිරීම සම්බන්ධ ගැසට් පත්‍රය මාර්තු 27 වනදා නිකුත් කර ඇති බව පොලීසිය නිවේදනය කළා. පෙබරවාරි 20 වනදා නිකුත් කළ මුල් ගැසට් නිවේදනය අනුව මෙම තනතුර සඳහා නීතිඥවරුන් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිතය.
අයදුම්පත් “අධ්‍යක්ෂ, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය, අංක 375, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 06” ලිපිනයට යොමු කළ යුතු බවද පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම අයදුම්පත් යොමු කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් 071 859 19 25, 011 250 52 02 සහ 011 255 29 53 යන දුරකථන අංක හරහා වැඩිදුර විස්තර ලබාගත හැකි බවද දැනුම් දී ඇත.

World News

Send your contact Details Today