Latest News

ඉරාන ගැටුම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා පකිස්ථානයේ

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය ආශ්‍රිතව පවතින උණුසුම්කාරී වාතාවරණය සහ ගැටුම් සමනය කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සඳහා සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් හෙට (29) පකිස්ථානයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පකිස්ථාන විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව පැවැත්වෙන මෙම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුව හෙට සහ අනිද්දා (30) යන දෙදින පුරා ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙන බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මෙහිදී ඉරානය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය සහ කලාපීය සාමය තහවුරු කිරීම සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳව අමාත්‍යවරුන් අතර දීර්ඝ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

World News

Send your contact Details Today