Latest News

FBI අධ්‍යක්ෂගේ විද්‍යුත් තැපෑල හැකර් ප්‍රහාරයකට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ Kash Patelගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයේ වගකීම “Handala Hack Team” නමැති, ඉරානය සමඟ සබඳතා පවත්වන බවට සැලකෙන හැකර් කණ්ඩායමක් විසින් භාරගෙන ඇති බව සඳහන් වේ.
හැකර්වරුන් අදාළ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ ඡායාරූප සහ ජීව දත්ත පත්‍රිකාව ඇතුළු තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව වාර්තා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ගිණුමට අනවසරයෙන් ඇතුළු වීම තහවුරු වී ඇති බවයි.

World News

Send your contact Details Today