සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම කිසිදු හමුදා සාමාජිකයෙකු මියගොස් නොමැති බව සඳහන් වේ. තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයේ පසුවන අතර, අනෙක් පිරිසද බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වෙන්නේ.
අදාළ ප්‍රහාරය හේතුවෙන් ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන ටැංකි ගුවන් යානයකටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.