ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට, ධුරය දරන ජනාධිපතිවරයෙකුගේ අත්සන එරට මුදල් නෝට්ටුවලට ඇතුළත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
එළඹෙන ජූනි මාසයේ සිට නිකුත් කරන නව ඇමරිකානු ඩොලර් නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන දැකගත හැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා නිදහසේ 250 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව එරට මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
1861 වසරේ සිට වසර 165ක් පුරා ඇමරිකානු මුදල් නෝට්ටුවල සටහන් වූයේ භාණ්ඩාගාරිකවරයාගේ අත්සන පමණක් වන අතර, එම සම්ප්‍රදාය මෙයින් අවසන් වනු ඇත.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සන් සහිත නව ඩොලර් 100 නෝට්ටු මුලින්ම ජූනි මාසයේදී මුද්‍රණය කිරීමට නියමිත අතර, අනෙකුත් වටිනාකම් සහිත නෝට්ටු ඉන් පසුව නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
ඇමරිකානු නීතිය අනුව ජීවත්ව සිටින පුද්ගලයන්ගේ රූප මුදල් නෝට්ටුවලට එක් කළ නොහැකි වුවද, අත්සන් සහ සැලසුම් වෙනස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට පූර්ණ බලය පවතින බවද වාර්තා වේ.