කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නව ඩිජිටල්කරණ වැඩපිළිවෙල අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල සිටින අපහසුතාවය අවම කිරීම සඳහා ස්මාට් ටෝකන් ක්‍රමයට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
මෙරට රෝහලක ප්‍රථම වතාවට මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය 25 වැනිදා වන අතර, එහි ක්‍රියාකාරීත්වය සහ එමගින් රෝගීන්ට හා කාර්ය මණ්ඩලයට ලැබෙන පහසුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
මෙම වැඩපිළිවෙල තවදුරටත් ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද නිලධාරීන් වෙත ලබාදී ඇත.
මෙය නියමු ව්‍යාපෘතියක් වන අතර, ඉදිරියේදී එය QR ක්‍රමයක් දක්වා වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව බාහිර රෝගීන්ට ඖෂධ ලබාගැනීම සඳහාද මෙම ක්‍රමය භාවිතා කිරීමට නියමිත අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, පූජ්‍ය පක්ෂය, විශ්‍රාමිකයන් සහ වැඩිහිටි පිරිසට විශේෂ පහසුකම්ද ලබාදී ඇත.
මෙම ක්‍රමවේදය යටතේ, රෝගීන් විසින් සායනයෙන් ලබාගත් ඖෂධ වට්ටෝරුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලියාපදිංචි කර ටෝකන් අංකයක් ලබාදෙන අතර, ඒ අනුව අදාළ අංකයට අනුව ඖෂධ නිකුත් කිරීම සිදුකරනු ලැබේ.