Latest News

ඊශ්‍රායලයේ ලාංකිකයන් 12කට නවාතැන් – තවත් පිරිසක් යළි දිවයිනට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය තුළ පවතින ආරක්ෂක තත්ත්වය උත්සන්න වීමත් සමඟ, ප්‍රහාර හේතුවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට එරට ආරක්ෂක අංශ විසින් කෙටි කාලීන නවාතැන් පහසුකම් ලබා දී තිබෙනවා.
දකුණු ලෙබනනය තුළ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් සිදුකරන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
පසුගිය දින කිහිපයේදී එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් දිමෝනා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ නිවාසවලටද හානි සිදුවී ඇති අතර, එහි සිටි ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත නවාතැන් ලබා දී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට කැමති පිරිසට ටැබා දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපල වෙත ගමන් කිරීමේ පහසුකම් සලසා දී ඇත.
මේ වන විට ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු එම මාර්ගය ඔස්සේ දිවයිනට පැමිණ ඇති අතර, මාර්තු 31 වැනිදා තවත් 14 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවද තානාපති කාර්යාලය සඳහන් කළා.

World News

Send your contact Details Today