මැදපෙරදිග කලාපයේ උග්‍ර යුද තත්ත්වය මධ්‍යයේ වුවද, උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉන්දියාව සඳහා විවෘතව තබන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන පර්සියානු ගල්ෆ් කලාපයේ මෙම පටු මුහුදු මාර්ගය, පසුගිය මාසයේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ග ආරම්භ කිරීමත් සමඟ දැඩි ආරක්ෂාවක් යටතට ගෙන තිබුණි.
ඉරාන රජය සඳහන් කරන්නේ, තම අනුමැතියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු නාවික ගමනාගමනයක් සිදු කළ නොහැකි බවයි. එමෙන්ම තම රටට ප්‍රහාර එල්ල කරන හෝ එවැනි ක්‍රියා සඳහා සහාය දක්වන කිසිදු රාජ්‍යයක නැව්වලට එම මාර්ගය භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ඉන්දියාව සමඟ පවතින සම්බන්ධතා සැලකිල්ලට ගනිමින්, ඕනෑම අවස්ථාවක ඉන්දියාවට මෙම සමුද්‍ර සන්ධිය භාවිත කිරීමට ඉඩ ලබා දෙන බවද ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.