ඉරාන රජයේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එරට විදුලි බලාගාර විනාශ කිරීමේ මෙහෙයුම තවත් දින 10කින් කල් දැමීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති Donald Trump ටෘත් සෝෂල් සටහනක් මඟින් ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ව්‍යාජ පුවත් නිර්මාණය කරන මාධ්‍ය ආයතන සහ විවිධ පාර්ශව පරස්පර විරෝධී මත පළ කළද, ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් පවතින බවයි.
මෙම කල්දැමීමේ කාලසීමාව ශ්‍රී ලංකා වේලාවෙන් අප්‍රේල් 7 වැනිදා අළුයම 5.30 දක්වා පවතින බවද සඳහන්.