ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25) පැවති ජාතික රිපබ්ලිකන් කොංග්‍රස් කමිටුවේ (NRCC) අරමුදල් රැස්කිරීමේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ උත්තරීතර නායක ධුරය භාරගන්නා ලෙස තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනයක් ලැබුණු නමුත් එය තමන් ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරාන බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉරානයේ කිසිදු පාර්ශවයක් ඇමරිකාව සමඟ එවැනි සාකච්ඡාවක නිරත නොවන බව ටෙහෙරානය අවධාරණය කර ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රකාශ “අතිශයෝක්තියෙන් යුත් සහ අතාර්කික” බව ඉරානය පවසා ඇති අතර, ඇමරිකාව සමඟ කිසිදු රහසිගත සාකච්ඡාවක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.