ව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීතිවිරෝධී ලෙස පැවරීම සඳහා දත්ත ඇතුළත් කිරීම, කවුළු අංක නිකුත් කිරීම සහ එම පැවරීමට අනුමැතිය ලබාදීම යන චෝදනා යටතේ හිටපු සංවර්ධන සහකාරවරයෙකු, හිටපු විමර්ශන සහකාරවරයෙකු සහ හිටපු සහකාර කොමසාරිස්වරයෙකු වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.