Latest News

ත්‍රිරෝද රථයකින් අයිස් හා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එඬේරමුල්ල පොලිස් වසමේ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ ගමන් කරමින් තිබූ සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 30ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 30ක් සොයාගත් බවයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වනවාසල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

World News

Send your contact Details Today