ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ද සැලකිය යුතු ලෙස වැඩිවී තිබේ.
අද (25) වනවිට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,569 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළෙන් නිකුත් කළ නවතම දත්ත අනුව අද උදෑසන වනවිට මෙරට රත්‍රං මිල සමස්ථයෙන් රුපියල් 8,000කින් ඉහළ ගොස් තිබේ.
එම අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 361,500ක් ලෙස සටහන් වී ඇත.
තවද ඊයේ දිනයේ රුපියල් 385,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.