Latest News

ඇමෙරිකාව-ඉරානය සාකච්ඡාවලට අපි සම්බන්ධ නැහැ – ඊශ්‍රායලය කියයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නතර කිරීම සඳහා පැවැත්වෙන බව සඳහන් වන සාකච්ඡාවලට ඊශ්‍රායලයට කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනි ඩැනන් පවසයි.
එක්සත් ජාතීන්ගේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එවැනි සාකච්ඡා පැවැත්වෙනවා නම් ඒ පිළිබඳව ඊශ්‍රායලයට දැනුම්දීමක් හෝ සහභාගීත්වයක් නොමැති බවයි.
තවද, ඇමෙරිකාව සමඟ එක්ව ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර ඉදිරියටත් සිදුකරන බවත්, එම මෙහෙයුම් නතර කිරීමට කිසිදු තීරණයක් නොමැති බවත් ඔහු පැවසීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරාන නායකත්වය සමඟ සාකච්ඡා සිදුවන බව ප්‍රකාශ කළද, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කිසිදු භූමිකාවක් නොමැති බව ඩැනී ඩැනන් මහතා අවධාරණය කළේය.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව සමඟ එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉරාන රජයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, එම ප්‍රහාරවලින් සාර්ථක ප්‍රතිඵල රැසක් ලබාගෙන ඇති බවත්ය.

World News

Send your contact Details Today