Latest News

නැවත දේශපාලනයට එන්නේ නැහැ – අලි සබ්‍රි කියයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමා නැවතත් දේශපාලනයට නොඑන බව හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කළේ, ඉදිරියට දේශපාලන ක්ෂේත්‍රයට එක්වීමේ අදහසක් නොමැති නමුත්, නීතිඥවරයෙකු ලෙස රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.
එමෙන්ම, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,
“මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනා. කිසිදු පදනමක් නැති කතා කිහිපයක් විහිළුවක් වගේ පතුරවලා තියෙනවා,” යනුවෙනි.

World News

Send your contact Details Today