Latest News

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ ප්‍රියංගා විජේනායකට වරෙන්තු නිකුත් කරන්නේද? තීරණය අප්‍රේල් 2

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව, කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය අප්‍රේල් 02 දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළා.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බස් ගනුදෙනුවට අදාළව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන් කොමිසමේ කැඳවීම්වලට අනුව පෙනී නොසිටි බැවින් ඔවුන්ට වරෙන්තු ලබා ගැනීම අවශ්‍ය බවයි. ඒ අනුව අද දිනයේදී වරෙන්තු ඉල්ලීම සඳහා නියමිත නීතිමය පටිපාටිය අනුව අල්ලස් කොමිසම විසින් විවෘත අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවීමක් සිදු කළා.
විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක දිලුම් ලුෂාන්ත අධිකරණයට සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් පිළිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.
එමෙන්ම, සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂගේ පියා වන චමල් රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ශමීන්ද්‍ර රාජපක්ෂ මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටින බවත්, ඔහු භාවිත කරන දුරකථන අංකයක් ද කොමිසමට ලබා දී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, නිවැරදි නීතිමය පටිපාටිය අනුගමනය නොකර වරෙන්තු ඉල්ලා ඇති බවත්, පෙර දැනුම්දීමේ ක්‍රමවේදයන් සම්පූර්ණ කර නොමැති බවත්ය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ තීරණය අප්‍රේල් 02 දින ප්‍රකාශයට පත් කිරීමට නියම කරමින් නඩුව එදිනට යළි කැඳවීමට නියම කළා.

World News

Send your contact Details Today