Latest News

දකුණු පළාතේ සංවර්ධනයට ඉන්දියාවෙන් අඛණ්ඩ සහය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ජන ජීවිතය නංවාලීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා පවසයි.
මෙම අදහස ඔහු ප්‍රකාශ කළේ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සමඟ ඊයේ (23) පෙරවරුවේ පැවැති නිල හමුවකදීය. නව ආණ්ඩුකාරවරයාට සුභ පැතුම් එක් කරමින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
හමුවේදී, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආර්ථික, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි නව ප්‍රබෝධයක් ඇති කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු විය. ඉන්දියානු ආධාර යටතේ පාසල් පහසුකම් සංවර්ධනය, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ තරුණ පරපුර වෙනුවෙන් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැඩසටහන් පිළිබඳ කරුණු හුවමාරු කරගත්හ.
අමතරව, දෙරට අතර සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, තාක්ෂණික දැනුම බෙදාගැනීම, සහ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකළ බව වාර්තා වේ.

World News

Send your contact Details Today