කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති අතර 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හර්කියුලිස් වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී ඊයේ අනතුරට පත්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට ඇති බව සඳහන් වේ.
අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ පිරිස රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොලොම්බියානු හමුදාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.