Latest News

මැදපෙරදිග උණුසුමෙන් මත්තලට අවධානය – ගල්ෆ් ගුවන් සමාගම් 3ක ඉල්ලීමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ ගුවන් සමාගම් කිහිපයක් මත්තල ගුවන් තොටුපළ භාවිතා කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගල්ෆ් කලාපයට අයත් ගුවන් සමාගම් තුනක් විසින් සිය ගුවන් සේවා සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපළ භාවිතයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් විකල්ප ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථාන සොයා බලමින් මෙම ඉල්ලීම කර ඇති බව ගුවන් ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ආරක්ෂාව සහ තාක්ෂණික පහසුකම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

World News

Send your contact Details Today