ඉරානයේ විදුලිබලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් සැලසුම් කළ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයක් සඳහා කල් තබන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට යුද දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරයෙන් කළ විශේෂ ප්‍රකාශයකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හමුවීම්වල ප්‍රගතිය සලකා බැලීමේදී මෙම තීරණය ගත් බවයි.
පසුගිය දින දෙකක කාලය තුළ මැදපෙරදිග කලාපයේ යුද්ධ අවසන් කිරීම සම්බන්ධව ඉරානය සමඟ “ඉතා යහපත් සහ ඵලදායී” සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය පිටුවේ විශේෂ සටහනකින්, මෙම සාකච්ඡා ඉතා ගැඹුරු, විස්තරාත්මක සහ නිර්මාණාත්මක මට්ටමක පැවැති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, දින පහක කාලයට ප්‍රහාර කල් තැබීමේ තීරණය ඉදිරියට පැවැත්වීමට නියමිත රැස්වීම් සහ සාකච්ඡා ප්‍රගතිය මත රඳා පවතින බවයි.
මෙම තීරණය, පවතින සාකච්ඡා සාර්ථකත්වය සහ කලාපයේ ආරක්ෂාව තාවකාලිකව රඳවා ගැනීමේ උත්සාහයකි.