Latest News

ආසියානු සංවර්ධන බැංකු සභාපති දිවයිනට පැමිණේ

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ (22) රාත්‍රී දිවයිනට පැමිණියා.
සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් රාත්‍රී 11.40ට පමණ මෙරටට පැමිණි ඔහු, මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවා.
සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මසාටෝ කන්ඩා මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වී තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන වැදගත් අවස්ථාවක තමන් මෙරටට පැමිණි බවයි.
එමෙන්ම මෙරට යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, සම්බන්ධතා වර්ධනය කිරීම සහ ආයෝජන වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට සහාය ලබා දීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today