වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීම තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ ඔහුගේ සොහොයුරු, හිටපු සංස්ථා සභාපති ධම්මික රණතුංග මහතාට අද (23) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දෙනු ලැබුවා.
මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබූ අතර, අනතුරුව විත්තිකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි 15 දින පැවැත්වීමට නියමිතයි.
2017 – 2018 කාලය තුළ මාස හයක කාලයකට අදාළව ඉන්ධන මිලදී ගැනීමට නියමිත දිගුකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීම හරහා සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා ගොනු කර තිබෙනවා.