අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
සිදු කළ තර්ජනයකට ප්‍රතිචාර දක්වමින් ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බල පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයට, ඉරාන හමුදා ප්‍රකාශක
ඊබ්‍රාහිම් සොල්ෆගාරි දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
ඔහු සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය දැනට ඉරානයේ පාලනය යටතේ පවතින බවත්, අවශ්‍ය වුවහොත් එය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවත්ය.
අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත්,
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකිරීම ,ඊශ්‍රායලයේ බලශක්ති හා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කිරීම , කලාපයේ අමෙරිකානු සමාගම් හා හමුදා මධ්‍යස්ථාන ප්‍රහාරයට ලක් කිරීම
වැනි ක්‍රියාමාර්ග ගන්නා බවද ඉරානය අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, ආරක්ෂක නීතිවලට යටත්ව සාමාන්‍ය නාවික ගමනාගමනයට තවමත් බාධාවක් නොමැති බව ඉරානය පවසයි.