Latest News

රුසියාවෙන් අභ්‍යවකාශයට රොකට්ටුවක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කසකස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත් කිරීමේ වේදිකාව යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, රුසියාව අද (22) සාර්ථකව රොකට් දියත් කිරීමක් සිදුකර තිබේ.
ග්‍රිනිච් වේලාවෙන් මධ්‍යහ්න 12.00ට Soyuz-2.1a
වර්ගයේ රොකට්ටුවක් මගින් Progress MS-33
නැමති භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යවකාශයට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යානය ලබන මාර්තු 24 වනදා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් මාසයේ Soyuz MS-28
යානය දියත් කිරීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දියත් කිරීමේ වේදිකාවට දැඩි හානි සිදුවී තිබුණි.
එම අනතුරෙන් කිසිවෙකුටත් හානි නොවූ අතර, ගගනගාමීන් ආරක්ෂිතව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වූ බව සඳහන් වේ.
මෙම වේදිකාව නැවත සකස් කරන තෙක්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සෘජුව ප්‍රවේශ වීමේ හැකියාව රුසියාවට සීමා වී තිබුණි.

World News

Send your contact Details Today