මාර්තු 24 සහ 25 දිනවල බොරතෙල් නැව නොපැමිණියහොත් මේ මස 25 වනදා දක්වා පමණක් බොරතෙල් පිරිපහදු කළ හැකි බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
ඩී.ජේ. රාජකරුණා
අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, එම තත්ත්වය හේතුවෙන් දැවිතෙල් සහ නැප්තා හිඟයක් ඇතිවිය හැකි බවයි.
එම ඉන්ධන දෙකම විදුලිබල නිෂ්පාදනය සඳහා භාවිතා කරන බැවින්, ඉදිරි දිනවල විදුලි නිෂ්පාදනයට බාධා ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් භාවිතා කිරීමට සිදුවිය හැකි අතර, විශේෂයෙන් රෑ කාලයේ විදුලිය ඩීසල් මත පදනම් විය හැකි බවයි.
එම නිසා අනවශ්‍ය විදුලි භාවිතය අවම කරමින්, ලයිට් නිවා දමා සහයෝගය ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තත්ත්වය පාලනය කිරීමට ජනතාවගේ කැපකිරීම අවශ්‍ය බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.