Latest News

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ උපදෙස් මත ගිනිඅවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හි රඳවා සිටින රැඳවියකුගේ උපදෙස් මත විදේශ රටවල නිෂ්පාදිත ගිනිඅවි දෙකක්, අත්විලංගු යුගලක් සහ ජීව උණ්ඩ සමඟ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස් භාරයට ගෙන ඇති දේ අතර,
ජර්මනියේ නිෂ්පාදිත රිවොල්වර ගිනි අවියක්
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත රිවොල්වර ගිනි අවියක් මිලිමීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 10ක්
“බන්ධනාගාර දෙපාර්තමේන්තුව” ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් අත්විලංගු යුගලක් සහ යතුර ඇතුළත් බව සඳහන්.
ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පියල් දුනුසිංහ මහතාට ලද තොරතුරක් මත පයාගල, මැටියලමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගමන් බෑග් එකක සඟවා තිබූ ගිනිඅවි දෙක ඇතුළු සෙසු දේපළ සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today