Latest News

අද පෞද්ගලික බස් 90%ක් ධාවනයෙන් ඉවතට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.
ඒ හේතුවෙන් අද (22) දිනයේ බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස් රථ හිමියන් තමන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම නව බස් ගාස්තු සංශෝධනයක් ප්‍රකාශයට පත් කළ පසු යළි බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today