Latest News

වාද්දුවේදි යුවලක් දුම්රියේ ගැටෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාද්දුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට ඇති අතර, ඔවුන් දෙදෙනා ප්‍රථමයෙන් පානදුර රෝහල වෙත ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනාම වයස අවුරුදු 26ක් පමණ වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today