Latest News

ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක දින 30කට ඉවතට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන, ඇමෙරිකාව විසින් ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ, මෙම සහනය නව ඇණවුම් සඳහා නොව, දැනටමත් නැව්ගත කර ඇති තෙල් තොග සඳහා පමණක් බලපැවැත්වෙන බවයි.
එමෙන්ම මෙම සම්බාධක ඉවත්වන්නේ තාවකාලිකව දින 30ක කාලයක් සඳහා පමණක් බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට ඇතිවිය හැකි බලපෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත්, ඉරානයට එරෙහිව දිගුකාලයක් පවත්වාගෙන ගිය අමෙරිකානු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් ලෙස මෙය සැලකෙන අතර, එමඟින් ඉරානයට ආර්ථික වාසි රැසක් හිමිවිය හැකි බවද වාර්තා වේ.
සම්බාධක හේතුවෙන් චීනය ඉරාන තෙල් විශාල වට්ටම් යටතේ ලබාගත් බවද සඳහන්ය.
ඉරාන තෙල් විකුණුම් සීමා ඉවත් කළහොත් දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවට අමෙරිකාව ඇස්තමේන්තු කර ඇත.
මීට අමතරව, ඇමෙරිකාව විසින් පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

World News

Send your contact Details Today