Latest News

කාබුල්හි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්.

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්ථාන හමුදා බලධාරීන් විසින් කාබුල් නගරයේ පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල කළ බව කියන ප්‍රහාරය සම්බන්ධයෙන් International Union of Muslim Scholars සංවිධානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
එම ප්‍රහාරය ඉස්ලාමීය මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය දෙකම උල්ලංඝනය කරන, තහනම් ක්‍රියාවක් බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඇෆ්ගනිස්තාන් සහ පකිස්ථාන අතර උත්සන්න වෙමින් පවතින නොසන්සුන්තාව පිළිබඳව දැඩි සැලකිල්ල පළ කළ එම සංවිධානය, ඉස්ලාමාබාද් පාලනයෙන් සහ එහි හමුදා නායකත්වයෙන් මෙවැනි ක්‍රියා වහාම නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ඉකුත් පෙබරවාරි 27 වැනිදා පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානය සමඟ “විවෘත යුද්ධයක්” ප්‍රකාශයට පත් කර ඇති අතර, දශක කිහිපයකට පසු දෙරට අතර ඇති වූ දරුණුතම යුදමය තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගැටුම් හේතුවෙන් දේශසීමා ආසන්නයේ වෙසෙන පවුල් 16,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බව සහන සේවා වාර්තා පෙන්වා දෙන බවද සඳහන්.

World News

Send your contact Details Today