ඇමෙරිකානු සටන් කලා ශිල්පියෙකු සහ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවකු වූ Chuck Norris අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඔහු 86 වියෙහි පසුවුණා.
නොරිස් වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ Walker, Texas Ranger නම් ක්‍රියාදාම අපරාධ කතාමාලාව හරහායි.
එමෙන්ම 1972දී Bruce Lee සමඟ රංගනයෙන් දායක වූ The Way of the Dragon සටන් කලා චිත්‍රපටයද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ නැංවූ නිර්මාණයක් ලෙස සැලකේ.
හොලිවුඩ් ක්‍රියාදාම සිනමා ලෝකයේ දශක කිහිපයක් පුරා ප්‍රබල චරිතයක් ලෙස සිටි චක් නොරිස්, සටන් කලා ශිල්පියෙකු ලෙසත්, නළුවෙකු ලෙසත්, නිෂ්පාදකයෙකු ලෙසත් විශාල දායකත්වයක් ලබාදුන් අයෙකි.