Latest News

මනූෂ නානායක්කාරට එරෙහි දූෂණ නඩුව අගෝස්තු 28ට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර
විරුද්ධව සිදුකළ විමර්ශන අවසන් කර ඇති බව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම
අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
වෙත දැනුම් දී තිබෙනවා.මෙම නඩුව මහේස්ත්‍රාත්
අසංග s. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී
අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කළේ
විමර්ශන කටයුතු සම්පූර්ණ කර ගොනු ඉදිරි පියවර සඳහා කොමිෂමේ කොමසාරිස්වරු වෙත යොමු කර ඇති බවයි. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව නඩුව අගෝස්තු 28 දිනට කල් තැබීමට
අධිකරණය නියෝග කර තිබෙනවා. 2023 වසරේදී
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
මානව සම්පත් පුහුණු වැඩසටහන්
පෞද්ගලික සමාගමකට පැවරීම හරහා
රජයට පාඩුවක් සිදුකර දූෂණයක් සිදු කළ බවට
මෙම පැමිණිල්ල ගොනු කර තිබේ

World News

Send your contact Details Today