Latest News

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් 95%කින් අඩුවෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව ඉරානය සමඟ යුද තත්ත්වය ආරම්භ වීමෙන් පසු විශාල ලෙස පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. පෙබරවාරි 28 වැනිදා යුද තත්ත්වය ආරම්භ වීමට පෙර
දිනකට නෞකා 138ක් පමණ ගමන් කළද,
දැනට එය දිනකට නෞකා 5ක් හෝ 6ක් දක්වා අඩු වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 95%ක අඩුවීමක් බව සඳහන්.
ඉරාන බලකායන් විසින් නිරන්තරයෙන් නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්
ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගයක් ලෙස සැලකෙන මෙම සමුද්‍ර සන්ධිය දැන් බොහෝ දුරට අඩපණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මාර්තු මාසය ආරම්භයෙන් මේ දක්වා
නෞකා 100කට ආසන්න සංඛ්‍යාවක්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර
එයින් තුනෙන් එකක් පමණ ඉරානයට සම්බන්ධ නෞකා බව දත්ත විශ්ලේෂණවලින් හෙළි වී තිබෙනවා.
ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නෞකා කිහිපයක් තවමත් ගමන් කරමින් තිබුණද
පවතින යුද තත්ත්වය හේතුවෙන්
ජාත්‍යන්තර වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

World News

Send your contact Details Today