Latest News

ඉන්ධන සීමා හේතුවෙන් ක්‍රීඩා තරග රැසක් කල්දමයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රට තුළ පවතින ඉන්ධන සීමා කිරීම හේතුවෙන්
ක්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවීමෙන්
ලබන 28 වැනිදා නුවරඑළිය දී පැවැත්වීමට නියමිත
ජාතික රට හරහා දිවීමේ තරගාවලිය ඇතුළු
ක්‍රීඩා ඉසව් ගණනාවක් කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය නුදුරේදී පැවැත්වීමට නියමිත සියලු තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.
මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ලබන අප්‍රේල් 30 දක්වා පැවැත්වීමට නියමිත සියලු තරග
තාවකාලිකව නතර කිරීමට පරිපාලන කමිටුවේ හදිසි රැස්වීමකදී තීරණය කර තිබේ.
QR ක්‍රමය යටතේ ඉන්ධන සීමා සහිතව ලබාදීම,
තෙල් සංචිත සංරක්ෂණය කිරීම,
අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහය වීම
ඇතුළු කරුණු සලකා මෙම තීරණය ගෙන ඇත.
මෙම තීරණය අනුව අප්‍රේල් 17 සහ 18 දිනට නියමිත
Fox Hill Supercross තරගාවලියද කල් දමා තිබෙනවා. කෙසේ වෙතත්ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ අන්තර් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් තරග
පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිත බව
ක්‍රීඩා අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා

World News

Send your contact Details Today