රාගම පොලිස් වසමේ බටුපත්ත ප්‍රදේශයේ 2025 ජූලි 03 දින සිදු වූ වෙඩි තැබීමේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශන අතරතුර පසුගිය 17 වැනිදා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර,
ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව
වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් ලබා දුන් පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
29 හැවිරිදි එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී
2026 මාර්තු 07 දින
ජා ඇල පොලිස් වසමේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට ද ආධාර අනුබල ලබාදී ඇති බව අනාවරණය වී තිබෙනවා.
සැකකරුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 ගිනි අවියක්, පතරොම් 14ක්සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම තොරතුරු අනුව
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී 35 හැවිරිදි තවත් සැකකරුවෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම 2025 ජූලි 14 දින
මාදම්පේ ප්‍රදේශයේ කඩුවකින් පහරදී පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ
අපරාධයටද සම්බන්ධ බව හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්
ඉදිරි විමර්ශන සඳහා රාගම පොලීසිය වෙත භාර දී තිබෙනවා.