Latest News

විදුලියට බදු අඩු කරන්න යුරෝපා කොමිසමේ යෝජනාව

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාමත් සමඟ
විදුලිය සඳහා පනවා තිබූ බදු අඩු කිරීමට යෝජනාවක්යුරෝපා කොමිසම විසින්
යුරෝපා සංගමය අයත් රටවලට ඉදිරිපත් කර තිබෙනවා. කොමිසමේ සභාපතිනිය
උර්සුලා වොන්ඩර් ලේන් ප්‍රකාශ කර ඇත්තේ, සමහර අවස්ථාවලදී විදුලියට ගෑස්වලට වඩා වැඩි බදු අය කරන බවත්එය 15 ගුණයක් දක්වා වැඩි වන අවස්ථා පවතින බවයි. ඒ හේතුවෙන් විදුලිය සඳහා බදු අනුපාත අඩු කිරීමත්, පොසිල ඉන්ධනවලට වඩා අඩු බදු විදුලියට අය කරන ක්‍රමයක් හඳුන්වාදීමට
යෝජනා කර තිබෙනවා.
එමෙන්ම සමාගම්වලට පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමට
ආයෝජන මගින් මූල්‍ය ආධාර ලබාදීමේ යෝජනාවක්ද
යුරෝපීය නායකයින්ට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඉරානය සම්බන්ධ ගැටුම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු
යුරෝපයේ ගෑස් මිල පෙර පැවති මට්ටමට වඩා
දෙගුණයකටත් වැඩි වී ඇති බව වාර්තා වෙනවා.

World News

Send your contact Details Today