මැදපෙරදිග තෙල් නිධි ඉලක්ක කරමින්
ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (19) රාත්‍රියේ
බැරලයක් ඇමරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගනුදෙනු අවසානයේ මිල සුළු ලෙස පහළ ගොස්
Brent crude oil බැරලයක මිල
ඩොලර් 106.4 ලෙස සටහන් වූ අතර,
WTI crude oil බැරලයක මිල
ඩොලර් 93.59 ලෙස වාර්තා වී තිබෙන බව
විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.