ලෝකාන්ත නිරීක්ෂණ ස්ථානයෙන් ප්‍රපාතයකට ඇදවැටුණු කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍යාවක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කළ විශේෂ ජීවිතාරක්ෂක මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගෙන රෝහල්ගත කර තිබෙනවා.
මෙම මෙහෙයුම සඳහා 3 වන සිංහ රෙජිමේන්තුව සහ කමාන්ඩෝ රෙජිමේන්තුව එක්ව ක්‍රියාකර ඇති අතර,
අද (19) පෙරවරු 10.45ට පමණ ලැබුණු දැනුම්දීමකට අනුව හමුදා භටයින් කෙටි වේලාවක් තුළ ස්ථානයට ළඟා වී තිබෙනවා.
අඩි 100කට ආසන්න ගැඹුරු ප්‍රපාතයකට වැටී සිටි ශිෂ්‍යාව කඹ ආධාරයෙන් ඉහළට රැගෙන එන ලද අතර,
පසුව කිලෝමීටර් 5ක් පමණ පාගමනින් ප්‍රධාන මාර්ගය වෙත රැගෙනවිත්
1990 හදිසි ගිලන් රථ සේවාව මගින් නුවරඑළිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අදාළ ශිෂ්‍යාව සංචාරයක නිරතව සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.