රාස් ලැෆාන් කාර්මික නගරයේ ගෑස් මධ්‍යස්ථානයට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එම ප්‍රකාශයේ සඳහන් වන්නේ,
කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කරන මෙම දරුණු ප්‍රහාර හරහා
සිවිල් වැසියන්
සිවිල් යටිතල පහසුකම්
අත්‍යවශ්‍ය බලශක්ති හා කාර්මික මධ්‍යස්ථාන
ඉලක්ක කරමින් සියලුම සීමාවන් ඉක්මවා ගොස් ඇති බව කටාර් රාජ්‍යය අවධාරණය කරන බවයි.
තවද,
මෙවැනි අසාධාරණ ප්‍රහාරවල ප්‍රතිඵලවලින් කලාපය මුදා ගැනීම අත්‍යවශ්‍ය බවත්,
කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා
ගැටුම් සමනය කිරීමට වහාම පියවර ගත යුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ
කටාර් හි ප්‍රධාන LNG හා ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන රාස් ලැෆාන් වෙත මිසයිල ප්‍රහාර එල්ල වූ බව තහවුරු වීමෙන් පසුවයි.